2025 ජනවාරි 20, ප.ව. 8:38
2025.02.07 වන දින සවස 6.30ට කොලඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පණීභාරත ශාලාවේ පැවැත්විමට නියමිත ඒක පුද්ගල කතක් නර්තන ප්‍රසංගය “Blue” නමින් වේදිකාගත වීමට නියමිතයි.
එය සංවිධානය කරනු ලබන්නේ මෙරට ප්‍රවිණ කතක් නර්තන ශිල්පිනී, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය,ශ්‍රීන්ගාමණි, නෘත්‍ය නිපුන්, ශාස්ත්‍රපති, මේජර් වෙරෝනිකා දසනායක මහත්මිය විසිනි.
මානව සම්බන්ධතා සහ පාරිසරික සංසිද්ධීන් අතර ඇති ඝට්ටනය මනාව පෙන්වා දෙමින් ගැඹුරු හා නව්‍ය සංකල්පයන් ඔස්සේ කතක් නර්තන චලන මුදා හරිමින් සිදු කරන අපූර්ව නර්තන ප්‍රසංගයක් ලෙස “Blue” හැඳින්විය හැක.
ඇය විසින් වසර ගණනාවක් තිස්සේ ලැබු කතක් නර්තන අත්දැකීම් සහ ඒ පිළිබඳ සිදුකළ පර්යේෂණයන්ගේ එකතුවක් ලෙස මෙම “Blue” නොහොත් ඒක පුද්ගල නර්තන ප්‍රසංගය හදුන්වා දිය හැක.
ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති, ඉන්දියාවේ ප්‍රවීණ නර්තන ශිල්පීන් සහ ලංකාවේ නර්තන සම්ප්‍රදායන් තුළ සිටින ජේෂ්ඨයින්ගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරෙනවා.
මෙය ආරාධිතයන්ට පමණක් සීමා වූ වෙනස්ම ආකාරයේ අත්දැකීමක්.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19