hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 8:06



විශ්ව ලංකා කියන කෙනාට අපූරු දක්ෂතා රොත්තක් තියෙනවා.

ඒ නිසා මාධ්‍යවේදියෙක්, නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්.

අරගලය ක්‍රියාත්මක වූ අවධියේ පටන් ඔහු අරගල භූමිය තුළ රැඳී ඉඳිමින් ජනතාවත් එක්ක එකතු වෙලා හිටියා.

කෙසේ නමුත් අරගලය භූමියෙන් ඉවත් වුණු මොහොතේ බොහෝ දෙනා අරගලය තුළ කැපී පෙනෙන චරිත බවට පත්වුණ ගොඩක් අයට නොයෙකුත් දේවල් කිව්වා.

ඒ අතරින් විශ්වටත් එක්තරා චෝදනාවක් එල්ල වුණා.

ඒ ඔහු අරගලයෙන්  ඉවත්වෙන්න ලක්ෂ හාරසීයක් අරගෙන ඒ ලක්ෂ 400න් තට්ටු හතරක එකක් හැදුවා කියන චෝදනාව.

ඉතින් මේ චෝදනාව පිළිබඳව වැඩිදුර කතා කරන්න විශ්ව පසුගිය දවසක සමාජ මාධ්‍ය හරහා තීරණය කළා.

“වඳ වී යන දේශපාලන වහල්ලු විසින් අරගලයෙන් මම ගත්තයි කියන ලක්ෂ 400ක් හදපු තට්ටු හතරෙ ගෙදර තමයි මේ. ඉතුරු තට්ටු ටික කෝ කියලා මමත් මේ දවස් වල හොයනවා. සාමාන්‍යයෙන් මම මඩ වලට උත්තර දෙන්නේ නැහැ. නමුත් අපි විස්වාස කරලා අපේ වචන විශ්වාස කරලා අරගලයට ආපු මිනිස්සු ඉන්නවා. ඒ අයගේ හිතේ සැකයක් ඇති වෙලා තියනවනම් මේ වෙලාවේ ඒක දුරු කිරීමේ අරමුණෙන් තමයි මම මේ වීඩියෝවක් කරන්නේ.

අපි මේ ගේ හදන්න පටන් ගත්තේ 2014. 2018 අවුරුද්දේ අපි මේ ගෙදර යට කොටස ඉවර කරා.2022 පහුගිය සෙනසුරාදා තමයි අපි මේ ගෙදර වැඩ ටික ඉවර කරලා පදිංචියට ආවේ.තව සීයට විස්සක් විතර වගේ වැඩ කටයුතු අවසන් කරන්නත් තියෙනවා. ලංකාවේ පෞද්ගලික බැංකුවක් තියෙනවා ඒ බැංකුවෙන් ඇහුවා නම් මේකෙ හැදුවේ කොහොමද කියලා ඒ බැංකුව විස්තර කියයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: