hit counter

2024 නොවැම්‍බර් මස 06 වන බදාදා

2024 ජූනි 15, පෙ.ව. 12:04



මාඳුරුඔය ජාතික වනෝද්‍යානය තුළ දී විදේශිකයෙකු හා ආදිවාසීන් පස්දෙනෙකු එක්ව මොනරෙකු ඝාතනය කර එම සතාව පුළුස්සා ආහාරයට ගැනීම සම්බන්ධව ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් මහියංගන මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබෙනවා.

විදේශිකයා විසින් අදාළ වීඩියෝව ‍YouTube නාළිකාව ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණු අතර එය ලක්ෂ 80කට අධික පිරිසක් විසින් නරඹා තිබුණු බව ද විජේකෝන් මහතා සඳහන් කරයි.

එම ආදිවාසීන් පස්දෙනා දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ජීවත් වන පිරිසක් වන අතර විදේශිකයා සංචාරකයෙක් ලෙස මෙරටට පැමිණි ඇති අයෙක්.

මෙම පිරිස අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරණ හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත්වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: