hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 5:05


දයාසිරිට අධිකරණයෙන් පිහිටක් නැති වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (08) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තව ද දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම සඳහා පත් කළ සරත් ඒකනායකට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: