hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 12, පෙ.ව. 9:35


ගැසට්ටුවක් හදිසියේම අත්හිටුවයි

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් යළි එම ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද කැබිනට් රැස්වීමේදී විරුද්ධත්වය පළ කර ඇත.

ඔහු පවසන්නේ, විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත්ය.

මේ අතර දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරය පෙන්වා දෙනවා.

ඒ, අනුව මෙම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාල ගැසට් නිවේදනය අත් හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත් හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: