hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2024 මැයි 20, ප.ව. 8:22


දිස්ත්‍රික්කයක පාසල් සිසුන්ට විශේෂ නිවාඩු දින දෙකක්

හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම හේතුවෙන්.

මේ වන විට ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙ පාසල් විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ,ගම්මාන 100 ක් පමණ ජලයෙන් යටවිම නිසා දරුවන්ට පාසල් වෙත පැමිණීමට නොහැකි වී ඇති බවත්,මෙම තත්වය නිසා පාසල් දින දෙකක් වසා දැමීයට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: