2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් මෙරටට ගෙන්වනු ලබන වාහනවල ඇති ‘ස්මාර්ට් කී’ (Smart Key) සොරාගෙන විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් බාහිර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා පසුගිය 11 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව හම්බන්තොට වරාය පොලිසිය පවසයි.
මෙම ස්මාර්ට් කී අතුරුදහන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද දීර්ඝ සොයා බැලීමකදී, වරායේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු පිළිබඳව සැක මතු වී ඇත. ඒ අනුව අදාළ සේවකයා ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී තිබේ.
හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ පරීක්ෂණවලදී සහ වරාය සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ස්මාර්ට් කී සොරාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වාහන වර්ගය අනුව රුපියල් 6,000 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවයි.
මාස කිහිපයක් තුළ ස්මාර්ට් කී 45ක් පමණ විකුණා, අදාළ සැකකාර වරාය සේවකයා රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. එමෙන්ම, අත්අඩංගුවට ගත් වරාය සේවකයා ලබාදුන් ප්‍රකාශ අනුව කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ස්මාර්ට් කී මිලදී ගත් බව පිළිගෙන තිබේ.එමෙන්ම ඔහු සතුව තිබු අදාල ”ස්මාට් කි” ද පොලිස්භාරයට ගනිමාට හැකිවී තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ වරායක මෙවැනි සංවිධානාත්මක සොරකම් සිදුවීම මගින් වරායේ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර නාවික සමාගම් සහ ආනයනකරුවන් තුළ ඇති විශ්වාසය බිඳ වැටෙන අතර, එය රටේ කීර්තිනාමයට මෙන්ම සමස්ත ආර්ථිකයට ද දැඩි හානියක් සිදුකරයි. තවද, වාහන කොටස් සහ යතුරු අතුරුදහන් වීම නිසා ආනයනකරුවන්ට මෙන්ම රක්ෂණ සමාගම්වලට ද විශාල මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුවේ.
මෙම ජාවාරම හම්බන්තොට වරායට දේශීයව වාහන ගෙන්වීම ආරම්භ කළ කාලයක සිටම සිදුවී ඇති බවට වරාය ආරක්ෂක අංශ සහ පොලිසිය මගින් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, වරාය තුළ සිදුවන මෙවැනි සොරකම් සෙවීම සහ වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හම්බන්තොට වරාය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු කියා සිටියේය.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:10
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26