hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මාර්තු 16, ප.ව. 3:23


තිළිණි ප්‍රියමාලි කළ වරද පිළිගනී – අධිකරණයෙන් සමාව ඉල්ලයි

ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන තිළිණි ප්‍රියමාලි රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයකදී තිබු ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලීසියට වාර්තා නොකිරීම මත කොටුව පොලීසිය විසින් අධිකරණයට කරුණූ දැක්වීමෙන් අනතුරුව ඇය ලබන (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

එම නියෝගයෙන් අනතුරුව මෝසමක් ගොනුකරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි ප්‍රමුඛ නිතිඥ මඩුල්ල අධිකරණයෙන් සමාව ගෙන ඇය සිටින බවට කළ දැනුම් දීම මත මහෙස්ත්‍රාත්වරයා තිළිණි ප්‍රියමාලි පෙර ඇප මත මුදාහරින ලෙස නියෝග කළා.

තිළිණ ප්‍රියමාලිට රුපියල් 1,500ක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය නොගාවන්නේ නම් සති දෙකක සිරදඩුවම් නියම කළ අතර ඇය වෙනුවෙන් කරුණු දක්වමින් මුල් උත්තරවාදය ඉල්ලා අස් කරගන්නා බවත් නැවත මෙවැනි වැරිද සිදුනොකිරිමට වග බලාගන්නා බවත් නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නා.

තිළිණ ප්‍රියමාලි දින තුනට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කෙරුණු අතර මේවා හොර වෛද්‍ය වාර්තා බවට මහෙස්ත්‍රාත්වරයා දැනුම් දෙමින් මේවා මත සලකා ඇප නොදෙන බවත් අධිකරණයේ වරද පිළිගෙන සමාව ඇයැදීම මත සැකකාරිය මුදා හරින බවත් දන්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: