hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අප්‍රේල් 29, ප.ව. 3:51



ඩිසල් මිල වැඩිවිමත් සමග කුඹුරු අක්කරයක් සීසෑම සදහා අයකරණ ට්‍රැක්ටර් ගාස්තුව ද රුපියල් 18,000 දක්වා වැඩිවී ඇති බව ගාල්ල ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

පසුගිය මහකන්නයේ දි කුඹුරු අක්කරයක් සීසෑම සදහා  අයකරණු ලැබුවේ රුපියල් 12,000ක් බවත් ඩිසල් මිල මෙම කාලය තුලදි වරින් වර කිහිප වතාවක් වැඩිවිම නිසා සිසෑම සදහා අයකරණු ලබන ට්‍රැක්ටර් ගාස්තුව ද වැඩිකොට ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.  

යුරියා කිලෝ 50ක පොහොර කොට්ටයක් රුපියල් 36000 ක මුදලකට කළුකඩය තුල අලෙවි වන බවත් මෙවර යල කන්නයේ වගාකටයුතු කරගැනිම සදහා රසායනික පොහොර සහනාධාරය කඩිනමින් ගොවින් වෙත ලබාදිමට රජය කටයුතු කළයුතු බවද ගොවීන් කියා සිටියා.

රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක නොමැතිවිම නිසා ගිය මහ කන්නයේ දි ගොවීන් දැඩි අසරණ තත්වයට පත්වු බවත් වී අස්වැන්න විශාල වශයෙන් අඩුවු බවද ගොවීන් සඳහන් කරනවා

වී කිලෝවක් සදහා ඉහල මිලක් ලැබි තිබුනද කම්කරු ශ්‍රමය, ට්‍රැක්ටර් ගාස්තු, බිත්තර වී, ආදි යෙදවුම්වල මිල විශාල වශයෙන් ඉහලයාම නිසා ගොවීන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ නිසා කුඹුරු අක්කරයක් වගා කිරිම සදහා විශාල වියදමක් දැරිමට සිදුවන බවත් වියදම් කරනු මුදලට අනුව ආදායමක් උපයාගත නොහැකි බවද ගොවීන් කියා සිටියා.