2024 අගෝස්තු 02, ප.ව. 12:51
ගෝලීය දැවැන්තයකු වන මුතූට් ෆයිනෑන්ස් පී එල් සී ( Muthoot Finance PLC) හි ශ්‍රී ලංකාවේ අනුබද්ධිත එකම ආයතනය වන ඒසියා ඇසට් ෆයිනෑන්ස් පී එල් සී සමාගම පසුගිදා නව ශාඛා තුනක් සහ ගාල්ල ශාඛාව ප්රමුඛ ශාඛාවක් බවට පරිවර්තනය කරමින් සුවිශේෂී සංධිස්ථානයක් පසුකළේය.
ජූලි මාසයේ තෙවන සතිය තුළ මෙම ශාඛා සියල්ල ජනතාව අතට පත් කිරීම සුවිශේෂී කඩයිමක් බව ඒසියා ඇසට් මූල්‍ය සමාගම පවසයි. මෙම නවතම ශාඛා ත්‍රිත්වය උපායමාර්ගික අතින් විශේෂිත වූ අම්බලන්තොට, ඇල්පිටිය හා අම්පාර නගරයන්හි විවෘත කරන ලදී. මෙම සීඝ්‍ර ව්‍යාප්තිය හරහා අඩු පහසුකම් සහිත ජන කොට්ටාශ හා කාන්තාවන් උදෙසා මූල්‍ය පහසුකම් ලබා දෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම ප්‍රධාන අරමුණ කර ගනිමින් සිදුකරන්නාවූ ප්රයත්නයක එක් කඩයිමකි.
මෙම ස්ථාන ත්‍රිත්වය ඉතාමත් ප්‍රවේසමෙන් සහ උපායමාර්ගිකව තෝරා ගැනීමට ප්‍රධානතම හේතුව වූයේ එම ප්‍රදේශවල සුවිශේෂී වූ කර්මාන්ත තිබීමත් මූල්‍ය සේවාවල උපකාරය ලබා ගත යුතු විවිධ කර්මාන්තයන්හි නියැලෙන ඉතා උද්යෝගීමත් කාන්තාවන් සැලකිවයුතු පිරිසක් එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් වාසය කිරීමත්ය.
ඒසියා ඇසට් ෆයිනෑන්ස් මූල්‍ය සමාගම මෙරට කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගන්වන්නට නිරතුරුවම උත්සහා ගනී. එම අරමුණ පෙරදැරිව මූලික වශයෙන් කාන්තා ව්‍යවසායකත්වය දිරි ගැන්වීම පිණිස ප්‍රවර්ධන කටයුතදු සිදුකරමින් සිටී.
මෑතකාලීනව සිදුකළ සීඝ්‍ර ව්‍යාප්තිය පිළිබදව ඒසියා ඇසට් ෆිනෑන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් “මේ දක්වා අප ආයතනය සතුව ශාඛා 88ක් පවතිනවා, ඒ පිළිබඳ අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්, ඒ වගේම ඉන් බොහෝමයක් ශාඛාවන් අප විසින් ජනගත කරනු ලැබුවේ ඉතාමත් අභියෝගාත්මක කාලවකවානුවකයි.
අපගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකිකයන් වෙත අද්විතීය මෙන්ම පාරිභෝගික හිතකාමී මූල්‍ය සේවා වෙත ප්‍රවේශය සලසා දීමත් ඒ හරහා ඔවුන්ගේ ජීවන ක්‍රියාවලියට සහනයක් සැපයීමත්ය. මෙම මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශාඛා 100 ක කඩයිම පසු කරන්නට අප බලාපොරොත්තුවෙන් සිටින බව මේ මොහොතේ ප්‍රකාශ කරන්නේ දැඩි විශ්වාසයකින් හා අධිශ්ඨානයෙන් ” යැයි ඒ මහතා කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ඒසියා ඇසට් ෆිනෑන්ස් අපි දැඩි අභිලාශයකින් හා ඉදිරි දැක්මක් සහිතව අපගේ ශාඛා ජාලය අඛණ්ඩව වර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා ඒ හරහා අපගේ ව්‍යාපාරික ඉලක්ක මෙන්ම සැමට ප්‍රවේශ විය හැකි මූල්‍ය සේවා සපයන ආයතනයක් ලෙස අසංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සුඛිත මුදිත කරවන විශ්වාසනීයම මූල්‍ය සහකරුවා බවට ඒසියා ඇසට් ෆයිනෑන්ස් පත්වනු ඇති බව මගේ විශ්වාසයයි.” ඒ මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.
ඒසියා ඇසට් ෆයිනෑන්ස් මෑත කාලීනව සිදුකළ නව ශාඛා ජනගත කිරීම හා නැවත ස්ථානගත කිරීමත් හුදෙක් භෞතිකව ස්ථාන පුළුල් කිරීමකට වඩා එහා ගිය සුවිශේෂී කාරණයකි. වඩා පුළුල් මූල්‍ය ප්‍රවේශයක් සහිත මූල්‍ය වශයෙන් සවි බල ගැන්වුණු ශ්‍රී ලංකාවක් උදෙසා වූ සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රගතියක් මේ හරහා අත්වනු ඇත. පළමුවරට කාන්තා සවිබල ගැන්වීම පිළිබදව ධනාතමක නියෝජනයක් ලබාදෙමින් උපායමාර්ගික ප්රවේශයකට ඒසියා ඇසට් ෆිනෑන්ස් අවතීර්නය වී සිටී. ඒසියා ඇසට් ෆයිනෑන්ස් සමාගම සමාජ වගකීමක් සහිත මූල්‍ය සමාගමක් ලෙස තිරසර සංවර්ධන අභියෝග සාක්ශාත් කරගන්නට කැපවී සිටී. එමෙන්ම එය මෙරට මූල්‍ය අංශයේ ප්රවේශයේ සහ ප්රගතියේ ආලෝකයක් ලෙස නිරතුරුවම පවතී.
ඒසියා ඇසට් ෆයිනෑන්ස් පී එල් සී මූල්‍ය සේවා සපයමින් මෙරට ජනතාවගේ මූල්‍ය සහකරුවා බවට පත් වෙමින් විශ්වසය දිනාගත් ආයතනයක් ලෙස මූල්‍ය ක්ෂේත්රයේ විශිෂ්ඨත්වයේ සලකුණක් වන ෆිච් ශ්‍රේණිගත කිරීම්වල A+ ශ්‍රේණියකට හිමිකම් කියයි (Fitch Rated A+) එමෙන්ම ඒසියා ඇසට් සමාගම “වැඩකිරීමට විශිෂ්ඨ ස්ථානයක් ලෙස“ ^ A Great Place to Work & පිළිගෙන ඇති අතර මෙහි සේවකයන් හට ධනාත්මක හා සහායක සේවා වපසරියක් සහිත සේවා ස්ථානයක් ලෙසද නිර්මාණය වී තිබේ. එබැවින් සැමව්ටම කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයන් වෙත ලබා දීමට ඒසියා ඇසට් ෆයිනෑන්ස් ආයතනයේ සේවක ප්‍රජාව සැදී පැහැදී සිටී.