hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 04, ප.ව. 4:05



ආනයනික ලූනූ වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව ආනයනික රතු ලූනූ කිලෝවක මිල රුපියල් 384ත් – 422ත් අතර වන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ආනයනික ලොකු ලූනූ කිලෝවක මිල රුපියල් 278ත් – 306ත් අතර වනවා.

ආනයනික රෝස ලූනූ කිලෝවක මිල රුපියල් 305ත් – 335ත් අතර වනු ඇති.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට ආනයනික ලූනූ මිල දී ගැනීමේ අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: