hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූනි 30, පෙ.ව. 10:36



බස් ගාස්තු සම්බන්ධයෙන් බස් සංගම් විසින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සෑම වසරකම ජුලි මස 01 වැනිදා බස් ගාස්තු සංශෝධනයක් සිදු වෙනවා.

නමුත්  මෙවර බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව එම සංගමය සඳහන් කළා.

ඊයේ (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ දී කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් 7%ක බස් ගාස්තු වැඩිවීමක් සිදු කළ හැකි බවට දැනුම් දුන්න ද මෙවර ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.

කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ, පසුගිය මැයි 1 වැනිදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයෙන් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙන ජූලි මස 1 වැනිදා බස් ගාස්තු අඩු කළ හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: