hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 07, පෙ.ව. 11:41



නුදුරු කාලයේදී උද්ධමනයෙහි තවදුරටත් පහළ යෑමක් බලාපොරොත්තු වන බව මහ බැංකුව අවධාරණය කරනවා.

ජූලි මාසය සඳහා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ, මේ වනවිට මෙරට ආර්ථිකයේ බොහෝ අංශයන්හි ස්ථාවරභාවයක් පෙන්නුම් කරන බවයි.

ඊට දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්වයන්ගේ බලපෑම් ක්‍රියාත්මක කිරීම, සැපයුම් අංශයේ අවහිරතා ක්‍රමයෙන් පහවයෑම සහ ගෝලීය වශයෙන් මිල පීඩන පහව යෑම සහ උද්ධමනයෙහි පහළ යෑමද මීට දායකවී ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රමාණුකුළව විදේශ සංචිත වර්ධනය වීමත් සමඟ වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම්, විදේශ ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපයීම් ඇතුලු විදේශ අංශයේ අවදානමද බොහෝදුරට පහළගොස් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: