2026 ජූනි 21, පෙ.ව. 12:05
වර්ෂයේ මුල් භාගය තුළ මෙරටට ගෙන්වා ඇති පුද්ගලික සහ වාණිජ වාහනවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 33,000ක්, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් (කෝටි 100ක්) පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මඟින් හෙළි වේ.
මහ බැංකු වාර්තාවලට අනුව, ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා වූ මාස හතරක කාලසීමාව තුළ පමණක් මෙරටට ඩොලර් මිලියන 821ක (රුපියල් කෝටි 24,600කට ආසන්න) වාහන ප්‍රමාණයක් ආනයනය කර ඇත. මෙයින් අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 208ක (රුපියල් කෝටි 6,240ක් පමණ) වාහනද, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 195ක (රුපියල් කෝටි 5,850ක් පමණ) වාහනද මෙරටට ගෙන්වා තිබේ.
මෙලෙස වාහන මිලදී ගැනීම් සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දෛනිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක පමණ මුදලක් රටින් පිටතට ඇදී ගිය අතර, එය දේශීය රුපියලේ අගය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කළේය. මේ හේතුවෙන් විදේශ විනිමය සංචිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, රජය විසින් වාහන ආනයන අධිභාරය සියයට 50කින් ඉහළ නැංවීමට පියවර ගත් අතර එය පසුගිය මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම නව ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු දෛනික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 3.9 දක්වා අඩු වී ඇති අතර වාහන සඳහා වූ මෑතකාලීන ඉල්ලුමද පහත වැටී ඇති බවයි. තවද, මැයි මස 15 වැනිදා පමණක් ඩොලර් මිලියන 23.71ක් වටිනා වාහන 1,782ක් වෙනුවෙන් ණයවර ලිපි 380ක් විවෘත කර තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම පියවර ස්ථිර බද්දක් නොවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවරව තබා ගැනීම උදෙසා ගත් තාවකාලික උපක්‍රමයක් පමණක් බවයි.
එමෙන්ම, මෙම අධිභාරය බලපැවැත්වෙන්නේ මැයි 15න් පසුව බැවින්, ඊට පෙර මෙරටට ආනයනය කරන ලද වාහනවල මිල ඉහළ දැමීමට කිසිදු පදනමක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, රජයේ මෙම නව තීරණ හේතුවෙන් ඉදිරියේදී දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වේ.
2026 ජූනි 21, පෙ.ව. 12:23
2026 ජූනි 21, පෙ.ව. 12:16
2026 ජූනි 21, පෙ.ව. 12:11
2026 ජූනි 21, පෙ.ව. 12:10
2026 ජූනි 21, පෙ.ව. 12:08
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26