hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 15, ප.ව. 2:33



වෙළඳුන් විසින් උත්සව සමයේ කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

එමෙන්ම බිත්තර මිලද යළිත් වරක් වෙළඳපොලේ ඉහළ ගොස් ඇත්තේ එවන් පසුබිමකයි.

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර ලාභදායී මිලකට ජනතාවට ලබාදෙන බවට රජය පොරොන්දු වූ නමුත් එවැනි තත්වයක් වෙළඳපොලේ දක්නට නොමැති බවටයි ජනතාව චෝදනා කළේ.

අද වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර කුකුළු මස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 1,100 කටයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහළ යනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: