hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 මාර්තු 13, ප.ව. 5:14



ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ‘දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්’ ඊයේ (12) ජංගම වෛද්‍ය සායනයක් ලෙස දන්තජ ඔන් වීල්ස්’ නමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම සිදුවිය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක් තුළ සුවපහසු, ප්‍රතිකාර අසුන් දෙකක් සහිතව, ලොව නවීනතම තාක්ෂණය හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය හා මග පෙන්වීම අනුව මුඛ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව දැන් උදාවී තිබෙනවා.

අමාත්‍යාංශ, සංස්ථා, අධිකාරී ඇතුළු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, පුද්ගලික විශ්ව විද්‍යාල හා ජාත්‍යන්තර පාසල්, කර්මාන්තශාලා ප්‍රදර්ශන භූමිය ඉලක්ක කර ගනිමින් ‘දන්තජ ඔන් වීල්ස්’ ජංගම මුඛ සෞඛ්‍ය සේවා බස් රථය හෙට දවසේ ඔබේ නගරයට, ගමට, ආයතන පරිශ්‍රයට පැමිණෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්හි මෙන්ම දන්තජ ඔන් වීල්ස් හි පුරෝගාමී විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර මහතා මෙසේ පවසයි.

“අපි කරමින් සිටින්නේ හුදු දන්ත සායනයක් නෙවෙයි. හදිසි අනතුරු ආදියෙන් හෝ උපතින් පවා සිදුවිය හැකි යම් යම් විකෘතිතාවයන් ඇතුළු ඕනෑම මුඛ සෞඛ්‍යයකට අදාළ ප්‍රතිකාර හා සත්කාර සේවා අපි කරනවා. එහිදී ලෝකයේ දැනට භාවිතා කෙරෙන ඉහළම තාක්ෂණය, නවීන වෛද්‍ය උපකරණ, සත්කාරක සේවා සමඟ විශේෂඥ පුහුණුව ලද කාර්ය මණ්ඩලය ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න බැඳී ඉන්නවා. සමහරවිට ලෝකයේ දියුණුම රටවල් වලටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින්.

‘දන්තජ ඔන් වීල්ස්’ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට රෝගී සත්කාරය වෙනුවෙන් සුවපහසු ආසන දෙකක් සහිතව නිර්මාණය කරලා නගරයෙන් නගරයට සංක්‍රමණය වන පළවෙනි දන්ත සෞඛ්‍ය සේවා බස් රථයයි. අපි අදාල තැන්වලට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකන් සම්පූර්ණයෙන්ම ඒ අයගේ දත් පරීක්ෂා කරලා, සියලුම ලෙඩ රෝග ගැන සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් එදාම ලබා දෙනවා. එතකොට ඒ අයට තමන්ගේ දත් සම්බන්ධව තියෙන ගැටලු මොනවද කියලා කල්තියා හඳුනාගන්න ලැබෙනවා. ඒ ප්‍රශ්නය ඔඩු දුවන්න කලින් අපි හරහා හෝ වෙනත් දන්ත සායනයක් හරහා හෝ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකිවෙනවා. අදාළ සමාගමෙන් නම් ඒක කරන්නේ ඒක ඒ ආයතනයට ලාබයි. රෝගය ඔඩු දුවන්න කලින් විසඳා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. වියදම අඩුයි. මොකද අපි ළඟටම ගිහින් තමා ඒක කරන්නේ. එයාලට ගමන් වියදම් හෝ කාලය මිඩංගු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙච්චර කාලෙකට ලංකාවේ දන්ත සෞඛ්‍ය සේවයට බ්‍රෑන්ඩ් එකක් තිබුණේ නෑ. හිටියනම් හිටියේ ජනප්‍රිය වෛද්‍යවරුන් පමණයි. ඒත් දන්තජ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. මේක ප්‍රිමියම් ඩෙන්ට්‍රිස්ට් බ්‍රෑන්ඩ් එකක්.”