hit counter

2026 අගෝස්‍තු මස 02 වන ඉරිදා

2024 මැයි 29, ප.ව. 2:16



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.44 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (28) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.80ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.41 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68

කොමර්ෂල් බැංකුවේ – රු. 295.34 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.34 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 294.75 – රු. 304.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 294.60 – රු. 305.60

අමානා බැංකුව – රු. 298.75 – රු.304.25

ලංකා බැංකුව – රු. 298.50 – රු. 306.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: