hit counter

2026 අගෝස්‍තු මස 02 වන ඉරිදා

2026 අගෝස්‍තු 01, ප.ව. 6:15



2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බලපැවත්වෙනු ඇත. 

එම කාලයේදී උසස් පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සිදු නොකළ යුතුය. 

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධි කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. 

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වෙනිදා සිට සැප්තැම්බර් 05 වෙනිදා දක්වා මධ්‍යස්ථාන 2532ක පැවැත්වීමට නියමිතව තිබේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: