hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 13, ප.ව. 2:09



මේ දින වල ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

රතු මුහුදේ ඇති වී තිබෙන හූති කැරලිකරුවන් හා බටහිර සන්ධානය අතර යුධ ගැටුම් මත මෙම මිල ඉහළ යාම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

පෙරේදා රාත්‍රියේ සිට බටහිර සන්ධානය විසින් හූති කැරලිකරුවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම තත්ත්වයේ තවත් උත්සන්න වී ඇත.

බොරතෙල් සැපයුම් නෞකා සඳහා වැදගත්ම මුහුදු මාර්ගය වන රතු මුහුදේ දිනකට බොරතෙල් බැරල් මිලියන විස්සකට වඩා ප්‍රවාහනය වන අතර, එය ගෝලීය ඉන්ධන පරිභෝජනයෙන් පහෙන් එකක් බවයි පැවසෙන්නේ.

මේ අතර, ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කියුබානු රජය නිවේදනය කර ඇත්තේ, ලබන පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමෙන බවයි.

අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා අතර ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බවයි, කියුබානු රජය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: