hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, ප.ව. 4:12



උසස්ම පාරිභෝගික සේවාවක් වෙනුවෙන් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් රක්ෂණ සමාගම ගෙනයන අඛණ්ඩ වැඩපිළිවෙලෙහි තවත් දිගුවක් වශයෙන් ‘1303’ ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වා දීමට එම සමාගම විසින් පසුගියදා කටයුතු කෙරිණි. ‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය හරහා පාරිභෝගිකයින් හට හිමිවන අසමසම පහසුව සහ ප්‍රවේශය නිසා HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම සහ පාරිභෝගිකයින් අතර සබඳතාවය පෙර නොවූ විරූ ඉහළ තලයකට ළඟා වෙනු ඇති බවට එම සමාගම විශ්වාසය පළ කරයි.

‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය නිසා තව දුරටත් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් පාරිභෝගිකයින් හට දීර්ඝ වේලාවක් දුරකථනයේ රැඳී සිටීමට සහ දීර්ඝ ක්‍රියාවලියක් හරහා යාමට සිදු නොවන අතර හදිසි අවස්ථාවලදී ඉතා පහසුවෙන් ඕනෑම තැනක සිට ක්‍ෂණිකව සමාගමේ නියෝජතයින් හා සම්බන්ධ වීමට ඔවුන්ට හැකියාව ලැබේ. එහි විශේෂත්වය වන්නේ රක්‍ෂණ හිමිකම් ලබාගැනීම, නව රක්‍ෂණාවරණයක් ලබා ගැනීම හෝ අලුත් කිරීම, සේවාවන් සම්බන්ධයෙන් විස්තර දැනගැනීම වැනි සියලු පාරිභෝගික අවශ්‍යතාවන් වෙනුවෙන් නියෝජිත සහය ලබා ගැනීමට ක්‍ෂණික ප්‍රවේශය හිමි වීමයි. ආරම්භයේ සිටම අසමසම පාරිභෝගික සේවාවක් වෙනුවෙන් කීර්තියක් දිනා සිටින HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ නියෝජිතයින් ක්‍ෂණික ඇමතුම් සේවාව හරහා ලැබෙන සියලුම පාරිභෝගික විමසීම් සඳහා ඉක්මණින් මෙන්ම විශ්වාසනීයව සේවය ලබා දිමට කැප වී සිටී.

පාරිභෝගික සේවය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාර ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “පාරිභෝගිකයින්ට පහසුව සහ ඉක්මන් ප්‍රවේශය ලබා දීම රක්ෂණ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් වැදගත්ම කරුණක්. HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් වෙහෙස වෙන, නව්‍යකරණය හරහා එම අරමුණ ජයගැනීමට උත්සාහ කරන සමාගමක්. ඒ නිසා ‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය හඳුන්වාදීම අපට සුවිශේෂී ජයග්‍රහණයක්.”

“පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් සිදුවෙන දැවැන්ත වෙනසට අමතරව ‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය ක්‍රමෝපායික පියවරක් වශයෙන් ඉතා වැදගත්. මේ හරහා සමස්තයක් වශයෙන් අපේ සේවාවන්ගේ ප්‍රමිතිය සහ මෙහෙයුම්වල කාර්යක්‍ෂමතාවය ඉහළ යන නිසා අපට වෙළෙඳපොල තුළ තරඟකාරී වාසියක් හිමි වෙනවා. ඒ වගේම පාරිභෝගිකයින් සමඟ සබඳතාවය තව දුරටත් ශක්තිමත් වීම තුළින් අපට ලැබෙන දැනුම යොදා ගෙන අඛණඩව නව්‍යකරණය වීමටත් හැකි වෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ප්‍රධාන පරිවර්තන නිලධාරී දිල්ශාන් පෙරේරා මහතා පැවසීය.

‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය දියත් කිරීම පාරිභෝගික සේවය සම්බන්ධයෙන් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම සහ නව්‍යකරණය තුළින් එහි විශිෂ්ටත්වය අත්පත් කරගැනීමට ඔවුන් සතු හැකියාව මනාව පෙන්වා දෙන අවස්ථාවක් වශයෙන් හඳුන්වාදිය හැකිය. ඉදිරියටත් අඛණ්ඩවම පහසුව, ප්‍රවේශය සහ කාර්යක්‍ෂමතාවය ඉලක්ක කර ගත් පියවර රැසක් දියත් කිරීමට HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම අපේක්ෂා කරයි.

HNB ජෙනරල් ඉන්ෂුරන්ස් පිළිබඳව

HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම තනි පුද්ගලයින් සහ සමාගම් සඳහා පුළුල් පරාසයක මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ සේවාවන් සහ ටකාෆුල් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ රක්ෂණ සමාගමකි. HNB සමූහයේ සාමාජිකයෙක් සහ HNB Assurance PLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම දිවයින පුරා විසිරුණු ශාඛා ජාලයක් හරහා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සිය සේවය සපයයි. ෆිච් ලංකා රේටින්ග් සමාගම විසින් රක්ෂක මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම නව්‍යකරණය සහ උසස් සේවය තුළින් සිය පාර්ශ්වකරුවන් හට උපරිම වටිනාකම ලබා දීමට කැප වී සිටින සමාගමකි.