hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 01, පෙ.ව. 12:03



තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා.

ඔවුන් සඳහා අද (31) ගුවන් ටිකට්පත් ලබා දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමි වූ 69 වන ශ්‍රමික කණ්ඩායම වෙනවා.

ලබන 02 වැනිදා ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර මෙම වසරේ ගත වූ මුල් මාස 06 තුළදී පමණක් ශ්‍රී ලාංකිකයන් 202 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබෙනවා.

ඒ දෙරට අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුවයි.

කෙසේ වෙතත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: