hit counter

2026 අගෝස්‍තු මස 05 වන බදාදා

2026 අගෝස්‍තු 05, පෙ.ව. 11:14



පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පවසා ඇත්තේ නැගෙනහිර සහ දකුණු මුහුදු තීරය හැර අනෙක් ප්‍රදේශවල ධීවර කටයුතු තහනම් කිරීමත් සමග මාළු අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මාළු හිඟ වී ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මාළු හිඟයත් සමග මාළු මිල ගණන් ද තවත් ඉහළ යාම හේතුවෙන් තොග මිලදී ගැනීම සඳහා සිල්ලර වෙළෙඳුන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය වෙත පැමිණීම ද ඉතා පහළ මට්ටමක පවතින බවයි.

කිලිනොච්චිය, මන්නාරම, හලාවත, මීගමුව, කොළඹ, ​බේරුවල ආදී ප්‍රදේශවල මුහුදේ පවතින අධික සුළං සහ කැලඹීම් සහගත තත්ත්වය නිසා දියඹට යාම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: