hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, පෙ.ව. 12:06



පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු පවසන්නේ, වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180ක මධ්‍යසාර අඩංගු කාලේ බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15කින් අඩුව ඇති බවයි.

ප්‍රශ්නයකයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.

නිත්‍යනුකූල මධ්‍යසාර සල් ඇති වීම මගින් මධ්‍යසාර භාවිතය ඉහළ යන බවට මත පළ වුව ද සිදු වන්නේ නීත්‍යානුකූල මධ්‍යසාර නොමැති ප්‍රදේශවල නීති විරෝධී මධ්‍යසාර බහුල ලෙස ප්‍රචලිත වීම බව රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

එබැවින් සිදු කළ යුත්තේ ඒවාට වැට බැඳීම සහ අහිමි වන බදු ආදායම ලබා ගැනීමට කටයුතු කිරීම බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

“2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබෙනවා. 2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනයක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයක්. 2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටිලා.

2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කළා. ඉන් 147ක් ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් නිකුත් කරනු ලබන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා. සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5,730ක්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: