hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 04, ප.ව. 2:23



ශ්‍රී ලංකාවේ ජාතික සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ප්‍රදර්ශනය 13 වැනි වරටත් පසුගිය 01 වැනි දින කොළඹ BMICH හි පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

මාර්තු 03 වැනි දා දක්වා දින තුනක කාලයක් පැවැත්වෙන Medicare 2024 ප්‍රදර්ශනය ප්‍රධාන ප්‍රදර්ශන ධාරා හතරක් යටතේ පැවැත්වෙයි. ඒ ‘ජාතික සුවසේවා ප්‍රදර්ශනය’, ‘ආයුර්වේදීය ඖෂධ ප්‍රදර්ශනය’, ‘සුවසේවා සංචරණ ප්‍රදර්ශනය’ සහ ‘සුවබර ජීවන ප්‍රදර්ශනය’ වශයෙනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයටම අයත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ප්‍රදර්ශන කුටි 130කට අධික ප්‍රමාණයකින් ප්‍රදර්ශනය සමන්විත වන අතර සාමාන්‍ය ජනතාව සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුළුව 10,000කට අධික නරඹන්නන් පිරිසක් මීට සහභාගී වූහ. Asiria Health විසින් Medicare 2024 සුවසේවා ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබිණි.

“පසුගිය දශකය පුරාම සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අපගේ සෙසු සියලුම පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් යුතුව පැවැත්වෙන Medicare සුවසේවා ප්‍රදර්ශනය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මුදුන්මල්කඩ බවට පත් කරන්නට අපට පුළුවන් උනා. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඵැාසජ්රු සුවසේවා ප්‍රදර්ශනයට ලැබෙන පිළිගැනීම වගේම දුෂ්කර කාල වකවානුවකදී පවා මෙම ප්‍රදර්ශනය මේ ආකාරයෙන් පැවැත්වීම අපගේ විශිෂ්ටත්වයට සාක්කියක් වෙනවා.” යැයි Medicare 2024 සංවිධායක කමිටුවේ සහ Asia Wellness Forum හි සභාපති වෛද්‍ය අමල් හර්ෂ පෙරේරා මහතා පැවසීය.

පරිපූර්ණ සුවසේවා ප්‍රදර්ශනයක් වන Medicare 2024 හි නවතම වෛද්‍ය තාක්ෂණයන්, ඖෂධ පිළිබඳ තොරතුරු හා දැනුම, රෝග නිවාරණය සහ ප්‍රතිකාර පිළිබඳ දැනුම, උපදේශනය සහ වෙනත් උසස් වෛද්‍ය සේවාවන් රාශියක් ද ඇතුළත් විය. ඊට අමතරව විවිධ දේශීය සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ආයතන සම්බන්ධ කර, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයක් ඇති කරන වැදගත් ඊ2ඊ වේදිකාවක් ලෙස ද මෙම ප්‍රදර්ශනය හඳුනා ගත හැකිය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ Aitken Spence Events & Conventions සමඟ සහයෝගීතාවයෙන් Asia Wellness Forum විසින් සංවිධානය කරන ලද Medicare 2024 මෙරට සුවසේවා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තබන ලදි. ප්‍රදර්ශනයේ 13 වන අදියර සාර්ථක කරගැනීමට උරදුන් සියලුම හවුල්කරුවන්ට සහ සහභාගී වූ සංවිධානවලට සංවිධායකයින් ඔවුන්ගේ ස්තූතිය පළ කරයි. Medicare 2024 සුවසේවා ප්‍රදර්ශනයේ ගුණාත්මක බව ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පැමිණෙමින් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ කීර්තියක් සහ පිළිගැනීමක් ලබා ගැනීමට Medicare සුවසේවා ප්‍රදර්ශනය මේ වන විට සමත් වී ඇත.