hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 05, පෙ.ව. 12:01



රටේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,747ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අයැදුම් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරනවා.

ඉන් පවුල් 887,653ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබෙන බවත් දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා හා විරෝධතා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබා දීමට ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව තීරණය කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියා.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර තිබෙන අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් සිදු වෙමින් පවතින බවත් අදාළ කටයුතු අවසන් වූ වහාම එළඹෙන 2024 වර්ෂය සඳහා වූ නව අයදුම්පත් භාර ගැනීම ද ආරම්භ කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

පවුල් 1,792,265ක් මේ වනවිට “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙන නමුත් පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදිම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබන බවත් වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද, වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙන බවද සදහන් කරයි.

පුජ්‍ය පක්ෂයට හා වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනෙක් වෙනුවෙන් පෙර පරිදි අදාළ දීමනා ලබාදීමට කටයුතු යොදා තිබෙන අතර එම පිරිස්වලට ද නව ක්‍රමවේදයක් යටතේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවද සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: