hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 14, පෙ.ව. 12:15



සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ මෙරට පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණයක් ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම ණය මුදල් සමෘද්ධි බැංකුව හරහා ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා පැවසුවා.

මෙහි පළමු පියවර නියමු වැඩසටහනක් යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව සන්ධානයේ වෘත්තීය සමිති සභාපති සහ පෙර පාසල් සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් සහ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයින් සමග සමාජ සේවා අමාත්‍යංශයේ පැවති සාකච්චාවක දී ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: