hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 9:26


WhatsApp
Telegram

බදු සංශෝධන රැසක් සිදු කරන 2017 අංක 24 දරණ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (12) ගැසට් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික, ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

මේ අනුව පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව ලක්ෂ 30 සිට නැවත ලක්ෂ 12 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව වාර්ෂිකව රු. ලක්ෂ 12 ට වඩා උපයන පුද්ගලයන් එසේ ලක්ෂ 12ට වඩා උපයන සෑම ලක්ෂ පහකට වරක් සියයට 6 බැගින් බදු ගෙවිය යුතු වනවා. ඒ අනුව ලක්ෂ 12 න් පසු පළමු ලක්ෂ 5 ට සියයට 6 ක් ද, දෙවන ලක්ෂ 5 ට සියයට 12 ක් ද, තෙවන ලක්ෂ 5 ට සියයට 18 ක් ද, සිව්වන ලක්ෂ 5 ට සියයට 24 ක් සහ පස්වන ලක්ෂ 5 ට සියයට 30 ක් ද වශයෙන් බදු ප්‍රතිශතය වැඩි වනවා. බදු අය කළ හැකි සීමාවෙන් පසු ලක්ෂ 30 ඉක්මවීමේදී සියයට 36 ක බදු ප්‍රතිශතයක් අය කෙරෙනවා.

එසේම සමාගම් මත අයකරන බද්ද සියලු සමාගම් සඳහා සියයට 30 දක්වා වැඩි කර ඇති අතර මීට පෙර මෙය නිෂ්පාදන සමාගම් සඳහා සියයට 18 ක් ද, අපනයන සමාගම් සඳහා සියයට 14 ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා සියයට 14 ක් ද වශයෙන් තිබුණා. මේ අනුව සමාගම් සඳහා සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්වලට ද ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා වැඩි වී තිබෙනවා. මේ අනුව එම සමාගම්වලට මේ බදු වැඩි කිරීමෙන් සැලකිය යුතු බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රාග්ධන ලාභ බද්ද සමාගම් සඳහා සියයට 10 සිට සියයට 30 දක්වා වැඩි කර ඇති අතර උපයන ගෙවීමේ බද්ද නැවත හඳුන්වාදී විධිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලාභාංශ සඳහා මත රඳවා ගැනීමේ බද්ද සියයට 15 ක් ලෙස ද නියම කර ඇත. මේ ප්‍රධාන බදු සංශෝධන ඇතුළු බදු වෙනස්කම් ගණනාවක් මේ නව දේශීය ආදායම් සංශෝධන පනතට ඇතුළත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: