hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 10, ප.ව. 1:03



මෙරටට ඉන්දියාවෙන් ලොකු ළුෑණු සැපයීම සම්බන්ධව සොයා බැලීම සඳහා එරට නියෝජිතයකු මෙරටට පැමිණ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඉන්දියාව ලොකු ළුෑණු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කර ඇති අතර, ඒ හේතුව මත මෙරට ආනයනික ලොකු ළුෑණු මිල ගණන් ඉහළ ගොස් ඇත.

මෙරට ලොකු ළුෑණු ගැටලුවට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ළුෑණු යම් ප්‍රමාණයක් ලබාදෙන ලෙස රජය එරට රජයෙන් අවස්ථා කීපයකදීම ඉල්ලුම් කරනු ලැබීය.

ඒ අනුව මෙරටට ලොකු ළුෑණු සැපයීම සම්බන්ධව සාකච්ඡා කිරීමට නියෝජිතයකු ඉන්දියාවේ සිට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

පකිස්ථානයද ලොකු ළුෑණු අපනයනය නතර කර ඇති අතර, මෙරට වෙළෙඳ පොළේ තුර්කියෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු බහුල වශයෙන් දැකිය හැකිවේ.

තුර්කියෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 420 කටද, චීනයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි කරනු ලබයි.

මෙවැනි තත්ත්වයක් තුළ උත්සව සමයේ අනෙකුත් එළවලු මිල ගණන් වලට සාපේක්ෂව ලොකු ළුෑණු මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.

එවන් තත්ත්වයක් තුළ පාරිභෝගිකයින් ළුෑණු මිල ගණන් පහල යනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: