hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 10:44



නොවැම්බර් 21 වනදාට යෙදෙන ලෝක ටෙලිවිෂන් දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය ඉලෙක්ට්‍රොනික එකලස් කිරීමේ පුරෝගමියා ලෙස Orel Corporation සිය ජයග්‍රහණය ආඩම්බරයෙන් යුතුව පසුගියදා නිවේදනය කළේය. මෙම සුවිශේෂී කඩයිම මෙරට ශ්‍රී ලාංකිකයන්ගේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන හැකියාව බල ගැන්වීමටත් එය ඉහළ නැංවීමටත් අවශ්‍ය පසුබිම නිර්මාණය වන සංධිස්ථානයක් වනු ඇති බව OREL Corporation විශ්වාසය පල කරයි. 

OREL Electronics සන්නාමය යටතේ ක්‍රියාත්මක කරන මෙම නව ව්‍යාපෘතිය අති නවීන ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සඳහා නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට OREL Corporation විසින් සිදු කරන්නාවූ සුවිශේෂී වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙය පෙන්වා දිය හැක. නිරතුරුවම නවෝත්පාදනයන් සිදු කරමින් මෙරට තාක්ෂණික විප්ලවයක් සිදු කළ සමාගමක් ලෙස OREL Corporation පාරිභෝගික විශ්වාසය දිනා ගෙන ඇත. අති නවීන යන්ත්‍ර සූත්‍ර වලින් පරිපූර්ණ ප්‍රවීණ හා ප්‍රාමානික දැනුමක් සහිත ශ්‍රම බලකායක් හරහා සිදුකරන මෙම නිමැවුම් ඉහළ ගුණාත්මකභාවය සහතික කර ඇත. ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුගත වෙමින් දේශීය හා ගෝලීය වේදිකාවේ ඉහළ යන ඉල්ලුම සැපරීමට නිසි සූදානමක් සහිතව මුහුණ දීමට ධරුක ීප්රඑ ඔඪ සැදී පැහැදී සිටී. 

OREL Electronics හි ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර අංශයේ ප්‍රධානී අනුරාධ පෙරේරා මහතා අදහස් දක්වමින් “තොරතුරු හා විනෝදාස්වාදය සම්පාදනය කර ගැනීමේ ප්‍රභල මාධ්‍යක් ලෙස ටෙලිවිෂනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් එය නූතන තාක්ෂණයේ විප්ලවීය අවස්ථාවක්. එය ගෝලියවත් දේශීයත් වෙළඳපොළ තුළ ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට OREL Corporation හරහා ශ්‍රී ලංකාව තුල තාක්ෂණික වර්ධනයට දායක වීමට මේ හරහා අවස්ථා නිර්මාණය වනු ඇති බව මගේ විශ්වාසයයි “. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ මෙම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ එකලස් කිරීම් සඳහා රුපියල් මිලියන 100 ක ආයෝජනයක් සිදුකර තිබෙනවා. මෙම සුවිශේෂී මූල්‍ය ආයෝජනය මෙරට තාක්ෂණික අංශයේ පුරෝගාමී ආයතනයක් ලෙස OREL Corporation හි කැපවීම හා වගවීම මෙහිදී විශේෂයෙන් පෙන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ජාත්‍යන්තර හා දේශීය ප්‍රමිතීන් හා රෙගුලාසි වලට අනුකූලව කුසලතා පූර්ණ ශ්‍රම බලකායක දායකත්වයෙන් මෙම නව නිමැවුම් පෙළ පාරිභෝගිකයා අතට පත්වන්නේ, එය අප නිරතුරුවම තත්ත්ව පරීක්ෂාවන්ට හා අධීක්‍ෂණයන්ට භාජනය කරමින් වෙළඳපොළ වෙත ඉදිරිපත් කරනවා.

OREL Electronics ස්මාර්ට් ටීවී වෙළඳපොළ වෙත පිවිසින්නෙ පාරිභෝගිකයන් හට අසම සම පරිශීලක අත්දැකීම් සමුදායක් ලබා දීම සදහායි, එය ජාත්‍යන්තර සන්නාම රැසකින් ඔබ වෙත එන විව්ධ ටෙලිවිෂන් යන්ත්‍රයන් හි ආකෘතියත් ඒවායේ සැකැස්මත් අධ්‍යනය කරමින් නිර්මාණය කර ඇතිබව ඒ මහතා පැවසීය.  

ධරුක ීප්රඑ ඔඪ හැඩකාර සිහින් නිමාවකින් යුක්තව නිපදවා ඇත, එය දැනට පවතින සිහින්ම ටෙලිවිෂන් යන්ත්‍රය ලෙස අවිවාදයෙන්ම පෙන්වා දිය හැක, වර්ණ මිලියන 16.7 ක සුපැහැදිලි දසුන් ගෙන එන ultra-high-definition (UHD) 4K displays දර්ශනයන් නැරබීමේ හැකියාවත් පුළුල් තිරයත් සජීවි දසුන් වලින් ඔබ මවිතකරවනවා නියතය. මීට අමතරව HDMI, USB, WiFi, Ethernet, නවීන විශේෂාංග රැසකින් සමන්විත නිසාම Orel Smart TV වෙළද පොළ අතික්‍රමණය කරන්නට වෙර දරන ටෙලිවිශන් මැවුම් කරු බවට Orel Smart TV යන්ත්‍රය පත්වනු නොඅනුමානය. නවතම යෙදවුම වන Android 13.0 හා සම්බන්ධ වෙමින් ඔබේ ස්මාර්ට් අවශ්‍යතාවයන් බ්ලූටූත් හරහා සපුරාගත හැක, බ්ලූටූත් ස්පීකර් ටෙලිවිෂනය හා සම්බන්ධ කිරීමෙන් ශබ්දය වැඩි දියුණු කර ගැනීමට හැකියාවද Orel Smart TV හරහා ඔබට හැකියාව ලැබීම මෙහි ඇති සුවිශේෂී කාරණාවක් ලෙස පෙන්වාදිය හැක එය සමස්ත ටෙලිවිෂන් නිෂ්පාදන කර්මානතයේම බ්ලූටූත් පහසුකම සහිත එකම ටෙලිවිෂන් යන්ත්‍රය Orel Smart TV බව OREL Electronics ප්‍රකාශ කරන්නේ නිහතමානි ආඩම්බරයකිනි. විදුලිබලය ඉතාමත් අවමයෙන් වැයවන නිසාම වැඩි වෙන විදුලි බිලට ඔබේ විනෝදාස්වාදය හෝ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය කප්පාදු කළ නොහැක. 

OREL Corporation නොසැලෙන කැපවීම මෙම පෙරලිකාර හදුන්වාදීම හරහා නිදර්ශන සහිතව පෙන්වාදී ඇති අතර නිරතුරුවම නවෝත්පාදන සිදුකරමින් නවීන තාක්ෂණයෙන් පිරිපුන් රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ බබලවන්නට හැමවිටම OREL Corporation කොන්දේසි විරහිතව කැපවී සිටී.