hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි 05, ප.ව. 1:10



Global Banking & Finance Review Awards 2026 හීදී මහජන බැංකුවේ ආයෝජන බැංකු ඒකකය (PBIBU) ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජන බැංකුව 2026 ලෙස සම්මානයට පාත්‍ර විය.

මීට පෙරද, මහජන බැංකුවේ ආයෝජන බැංකු ඒකකය සිය ස්ථාවරත්වය, විශිෂ්ටත්වය සහ මූල්‍ය වෙළෙදපළ නායකත්වය වෙනුවෙන් 2022, 2023 සහ 2025 වසර වලදීද මෙම සම්මානය හිමි කර ගත්තේය.

වසර ගණනාවක් මුළුල්ලේ සිට මෙම ඒකකය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ තුළ සුවිශේෂ ගනුදෙනු කිහිපයක් සිදුකිරීමේලා වැදගත් කාර්යභාරයක නිරත වී ඇති අතර, ආයෝජන බැංකුකරණය පිළිබඳ ඒ තුළ ඇති නිපුණතාවය මින් පිළිඹිබු වෙයි.

Global Banking & Finance Review Awards යනු මූල්‍ය වෙළඳපොළ තුළ ඉතා ඉහල පිළිගැනීමක් ඇති සම්මාන ප්‍රදානෝත්සවයකි.

මෙය මූල්‍ය අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණ, නවෝත්පාදන සහ සහ භාවිතයන් ඇගයීමේ අරමුණින් පවත්වනු ලබයි.