hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 14, ප.ව. 3:55



ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (14) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මේ සදහා වන ගිවිසුම් හුවමාරු කර ගැනීම මහජන බැංකුවේ සහාපති සුජීව රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා මහතා අතර සිදුකෙරිණි.

මෙම හවුල්කාරීත්වය යටතේ මහජන බැංකුව විසින් දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා, අරමුදල් පහසුකම් සහ වෙළඳ මූල්‍ය සහයෝගය ලබා දෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය,අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සේපාලික ජයවර්ධන මහත්මිය, වෙළද පහසුකම් සහ වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.