hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2024 ජූනි 25, පෙ.ව. 7:58



මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකෙරුනු සුපරික්ෂණ කුටි දෙකක් විවෘත කිරිම සහ ස්කැනර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරිම පසුගියදා සිදුකෙරිණි.

මෙම සුපරික්ෂණ කුටි ඉදිකිරීම සඳහා මහජන බැංකුව මූල්‍ය දායකත්වය පිරිනැමූ අතර, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබාදෙන ලදි.

අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරුන් ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.