2024 ජූලි 10, ප.ව. 3:15
මහජන බැංකුව සිය 63 වැනි සංවත්සරයට සමගාමීව කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදි ජුලි මස 08 වැනි දින සිට ජුලි 14 දක්වා විශේෂ ක්‍රෙඩිට් කාඩ් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. මෙහි සමාරම්භක උත්සවය ජුලි මස 08 වැනිදා කැන්ඩි සිටි සෙන්ටර්හිදි පැවති අතර, එහිදි ගනුදෙනුකරුවන් දහදෙනකු වෙත පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් පිරිනැමීම ද සිදුකෙරිණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්,ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල් මහත්මිය, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති/ කළමනාකරණ අධ්යක්ෂ තුසිත විජයසේන, මහජන බැංකුවේ කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තේවෙල මහත්වරුන් ඇතුඵ ඇතු
ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාරභවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.
මේ වැඩපිළිවෙල යටතේ මහනුවර කැන්ඩ් සිටි සෙන්ටර් පරිශ්‍රයේ පිහිටා ඇති වෙළඳසැල්වලින් ජුලි 14 වැනිදා තෙක් පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 75%ක් දක්වා වට්ටමක් පිරිනැමෙන අතර, KCC food court (World Spice), Sri Lankan at the Terrace, Gelateria, Fresh, Café Walk, Bakes & Cakes, KCC World Play, KCC Multiplex (Cinema), KCC VR Game Zone යන KCC වෙළඳ ආයතන තුළින් ජුලි 31 දක්වා 25% ක්‍රෙඩිට් කාඩ් වට්ටමක් හිමිවේ. මීට අමතරව ණක්ක් පරිශ්‍රයේ වෙනත් වෙළෙඳසැල්වලින්ද සුවිශේෂ වට්ටම් පිරිනැමේ.
මෙහිදි අලුතින් ලබාගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පළමු වසර සඳහා ගාස්තු වලින් නිදහස් වන අතර, මේ කාලසීමාව තුළ ලබාගන්නා පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඇතුළත් වීමේ ගාස්තු සහ වාර්ෂික ගාස්තු ද රහිත වීම විශේෂත්වයකි. මීට සමගාමීව මහනුවර ප්‍රදේශයේ හෝටල් ඇතුළු අනෙකුත් වෙළෙඳ ආයතන වලද 50%දක්වා වට්ටම් සහ දීමනා පිරිනැමේ.
2024 නොවැම්බර් 11, ප.ව. 2:37
2024 නොවැම්බර් 11, ප.ව. 2:29
2024 නොවැම්බර් 07, ප.ව. 2:01
2024 නොවැම්බර් 07, පෙ.ව. 11:58
2024 නොවැම්බර් 06, ප.ව. 2:21