hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2025 ජනවාරි 23, පෙ.ව. 11:27



මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනාට හිමි තිළිණ පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.

ඒ අනුව පන්නිපිටියේ පදිංචි වී.ආර්.ඒ. ගුණසේකර මහත්මියට රු.1,000,000/-ක්, කඩවත, කිරිල්ලවල පදිංචි ඒ.එම්. නන්දනි කීර්තිලතා මහත්මියට රු.500,000/-ක් සහ මාතලේ, කවුඩුපැලැල්ල, ජේ.ඒ.එන්.කේ ජයසිංහ මහත්මියට රු.250,000/-ක් බැගින් රු. 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ පිරිනැමිණි. මෙම තිළිණ ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් පිරිනැමිමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.

මීට අමතරව මාසික දිනුම් ඇදීම් වල ජයග්‍රාහකයින් 150කට රු. 25,000ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමේ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස් යන මහත්ම මහත්මින් ඇතුඵ ප්‍රාදේශිය කළමනාකරුවන්, කාඩ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරුවන් සහ ශාඛා කළමනාකරුවන් ඇතුඵ බැංකු නිලධාරින් සහභාගි වූහ.

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීම 2024 ජුලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වූ අතර, මේ තුළින් පිරිනැමෙන මුළු තිළිණ වල වටිනාකම රු.5,500,000කි.