2026 ජූනි 24, ප.ව. 1:05
මහජන බැංකුව, සිය 125 වැනි වෙක්පත් තැන්පතු යන්ත්‍රය (Cheque Deposit Kiosk) එහි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 22 වැනි දින නගර මධ්‍ය ශාඛාවේ (Mid City Branch) ස්වයං බැංකුකරණ ඒකකය තුළ විවෘත කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් විසින් මෙතෙක් ස්ථාපනය කර ඇති වැඩිම වෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDK) සංඛ්‍යාව මහජන බැංකුව සතුවන අතර, ඩිජිටල් නවෝත්පාදනයන් සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකු විසඳුම් සඳහා මහජන බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම මින් මනාව පිළිඹිබු වෙයි.
මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2021 ජූලි 1 වන දින එහි පළමු චෙක්පත් තැන්පතු යන්ත්‍රය හඳුන්වා දෙන ලද්දේ බැංකුවේ 60 වන සංවත්සරය ද අභිමානයෙන් සමරමිනි. එමෙන්ම බැංකුවේ 65 වන සංවත්සර වැඩසටහන වෙනුවෙන් 125 වන වෙක්පත් තැන්පතු යන්ත්‍රය ස්ථාපනය කිරීම විශේෂත්වයකි.
තැන්පත් පත්‍රිකා පිරවීමකින් තොරව වෙක්පත් තැන්පත් කිරීමට ඉඩ සලසමින් ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොර සහ පරිශීලක – හිතකාමී අත්දැකීමක් ලබා දීම සඳහා මෙම චෙක්පත් තැන්පතු යන්ත්‍රය නිර්මාණය කර ඇත. මේ සඳහා ගනුදෙනුකරුවන්ට ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය වැනි අවම තොරතුරු ප්‍රමාණයකි. මෙහිදී තැන්පත් කළ චෙක්පත්වල පිළිඹිබු යන්ත්‍රය මඟින් ක්ෂණිකව ග්‍රහණය කර, ඒවා තිරය මත ප්‍රදර්ශනය කරන අතර එය ගනුදෙනුකරු විසින් තහවුරු කළ පසු මුද්‍රිත රිසිට් පතක් නිකුත් කිරීමෙන් ගනුදෙනුව සම්පූර්ණ වේ.
මෙම මුද්‍රිත රිසිටපතට අමතරව, බැංකුව නව්‍ය විද්‍යුත් රිසිට්පත් සේවාවක් (e-receipt) හඳුන්වා දී ඇත. මෙහිදී ආරක්ෂිතසැබැඳියක් (URL) සහිත කෙටි පණිවිඩයක් ඔවුන්ගේ ලියාපදිංචි ජංගම දුරකථන අංකයට ලැබෙන අතර එමගින් ගනුදෙනුකරුවන්ට තමන් තැන්පත් කරන ලද චෙක්පත් වල පිළිඹිබු හා විස්තර පරීක්ෂා කළ හැක.
චෙක්පත් තැන්පතු යන්ත්‍ර මඟින් ගනුදෙනුකරුවන්ට එක් ගනුදෙනුවකදී චෙක්පත් කිහිපයක් ඉක්මනින්, පහසුවෙන් සහ ආරක්ෂිතව තැන්පත් කිරීමේ හැකියාව ලබාදී ඇති අතර දිවයින පුරා පිහිටි ස්වයං බැංකුකරණ ඒකක හරහා දවසේ පැය 24 ම, සතියේ දින 7ම, වසරේ දින 365 පුරාම මෙම සේවාව ලබා ගත හැක. ජංගම ගිණුම් හිමියන්ට ව්‍යාපාරික වේලාවෙන් පසුව පවා තම දෛනිකව එකතු වූ වෙක්පත් තැන්පත් කිරීමට ඉඩ සැලසෙන අතර, එමඟින් ඉතා අවම කාලයකින් තම භාරයේ ඇති චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ හැකියාව ලැබේ.
මහජන බැංකුව තම චෙක්පත් තැන්පතු යන්ත්‍ර හරහා තැන්පත් කරන චෙක්පත් සඳහා ඩිජිටල් පිටසන් කිරීමක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ පළමු වාණිජ බැංකුව ද වේ. මෙම පහසුකම යටතේ බැංකුවේ පසු – අන්ත සැකසුම් ක්‍රියාවලිය අතරතුර චෙක්පතේ පිටුපස පිළිඹිබුවේ ඩිජිටල් පිටසන් කිරීමක් තබනු ඇත. එමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු වන අතර සම්පූර්ණයෙන්ම ඩිජිටල් චෙක්පත් සැකසුම් ක්‍රියාවලිය සඳහා උපකාරී වේ.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අයකිරීම්) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනා කරණ) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (මධ්‍යගත පසුපෙළ කාර්යාලය) ශාන්ත ගඟබඩගේ, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ. ඉන්දික, ප්‍රාදේශීය කළමනාකාරිනි (කොළඹ උතුර) අමිතා සංජීවනී යන මහත්ම මහත්මින්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන්, ශාඛා කළමනාකාරිනිය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026 ජූලි 03, ප.ව. 2:50
2026 ජූලි 03, ප.ව. 12:53
2026 ජූලි 02, ප.ව. 1:29
2026 ජූලි 02, පෙ.ව. 9:34
2026 ජූලි 01, ප.ව. 3:54