2026 ජූලි 15, ප.ව. 1:06
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කර, අධ්‍යාපනික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් මහජන බැංකුවේ සිසු උදාන ගිණුම හා චූටි බබා පුවත්පත එක්ව ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවක් දියත් කර ඇත.
මෙම වැඩසටහන ඔස්සේ මේ වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි සම්මන්ත්රණ 60 කට අධික ප්‍රමාණයක් පැවැත්වෙයි. නවීන විද්‍යානුකූල ඉගැන්වීමේ ක්‍රම ඔස්සේ පැවැත්වෙන මෙම පාඨමාලාව තුළින් සිසුන්ගේ අධ්‍යාපනික කුසලතා වර්ධනය කරමින් ඔවුන්ට ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණදිය හැකි මානසික වාතාවරණයක් නිර්මාණය කෙරේ. එමෙන්ම සිසු දරු දැරියන් විභාගයට සුදානම් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට මාර්ගෝපදේශනය ලබාදීමද විශේෂත්වයකි. වසර ගණනාවක අත්දැකීම් සහිත ගුරු මණ්ඩලයක් මේ සඳහා සම්පත් දායකත්වය සපයයි.
මිට අමතරව සිසු උදාන චූටි බබා Online ශිෂ්‍යත්ව සම්මන්ත්රණයද සතිපතා පැවැත් වේ. මෙය Zoom තාක්ෂණය ඔස්සේ සහ People’s Bank සහ Imashi Education & Facebook සහ YouTube නාලිකා ඔස්සේ විකාශය වේ.
එමෙන්ම ශිෂ්‍යත්ව කඩයිම ජයග්‍රහණය කරන සෑම දරුවෙකුටම විශේෂ ඇගයීමක් සමඟ රන් පදක්කමක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය වන විට සිසු උදාන ගිණුමේ අවම ශේෂය රු.5000/-ක් පවත්වාගෙන ගිය සහ ප්‍රතිඵල නිකුත් වී මාස තුනක් ඇතුළත ගිණුමේ ශේෂය රු.5000/- දක්වා වර්ධනය කර ගන්නා හෝ ගිණුමක් නොමැති නම් එම කාලය තුළ දී නව සිසු උදාන ගිණුමක් විවෘත කර ශේෂය රු. 5000/- දක්වා වර්ධනය කරගන්නා විභාග සමතුන්ට ආකර්ෂණීය ත්‍යාග හා පදක්කම් පිරිනැමේ.
ශ්‍රී ලාංකීය සිසු පරපුරේ අනාගත සුරක්ෂිතතාව ගොඩ නඟා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුව 1996 වසරේදී සිසු උදාන ගිණුම හඳුන්වා දුන්නේය. මෙමඟින් වයස අවුරුදු 05 සිට 18 අතර පාසල් දරුවන් අතර ඉතිරි කිරීමේ මා හැඟි පුරුද්ද වර්ධනය විය. මෙම ගිණුම සඳහා පොලියට අමතරව තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව විවිධ ත්‍යාග හා ප්රතිලාභ රැසක් සිසු දරුවන්ට හිමි වේ. එමෙන්ම උසස් අධ්‍යාපනය දක්වාම විවිධ මුල්‍ය සේවා සපයමින් ඔවුන් ස්ථාවර අනාගතයක් ගොඩනඟා දීමට වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකුව ඇප කැපවී ක්‍රියා කරයි.
රටේ අනාගත ජීවනාලිය වන්නේ වත්මන් දරු පරපුරයි. මහජන බැංකුව පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් සම්මන්ත්රණ මාලාවක් සංවිධානය කර ඇත්තේ සහ සමත් වූ දරු දැරියන්ට තිළිණ පිරිනමන්නේ ඒ බව හොඳින් වටහාගනිමින්ය. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔබේ දරුවාගේ සිසු උදාන ගිණුමේ මුදල් තැන්පත් කර ඔවුන්ගේ හෙට දිනය සමෘද්ධිමත් කරන මෙන් නිරතුරුවම දරුවන්ට හොඳම දේ ලබා දෙන මහජන බැංකුව දෙමාපියන්ට ආරාධනා කර සිටී.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09