hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, ප.ව. 3:13



ශ්‍රී ලාංකිය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, පසුගියදා හෝටලයේදී පැවති කොළඹ ෂැංග්‍රිලා ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation Awards) සම්මාන උළෙලේදී අංශ කිහිපයකින්ම සම්මානයට පාත්‍ර විය.

බැංකුවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, බැංකු ක්ෂේත්‍රයේ තුළ නවෝත්පාදන සහ තාක්ෂණික දියුණුව උදෙසා කැපී පෙනෙන කාර්ය භාරයක නියැලෙන මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවීනතම ඩිජිටල් බැංකුකරණ විසඳුම් පිරිනැමීමෙහිලා දක්වන කැපවීම මෙම සම්මාන ඔස්සේ මනාව පිළිබිඹු වේ.

මෙම සම්මාන උළෙලේදි ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම (රාජ්‍ය බැංකු කාණ්ඩය – අන්තර්ජාල හා ජංගම බැංකුකරණ) සඳහා වන රන් සම්මානය මහජන බැංකුවේ People’s Wave යෙදවුමට (Most Popular Digital Payment Product in the State Banks Category for Internet and Mobile Banking)’ නැවත වරක් හිමිවිය.

එමෙන්ම වසරේ විශිෂ්ටතම පොදු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සක්‍රිය කරන්නා A කාණ්ඩය (Best Common ATM Enabler of the Year – Category A), මූල්‍ය අන්තර්ගතකරණය සඳහා වසරේ බැංකුව A කාණ්ඩය (Bank of the year for Financial Inclusivity – Category A) සහ ගනුදෙනුකාර සුවපහසුව සඳහා වූ විශිෂ්ටත්වය වෙනුවෙන් සඳහා වසරේ බැංකුව A කාණ්ඩය ‘Bank of the year for Excellence in customer convenience – Category A’ යන කුසලතා සම්මාන මහජන බැංකුවට හිමිවිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘LankaPay Technnovation සම්මාන උලෙළේදී මහජන බැංකුවට මෙම සම්මාන හිමිවීම අපගේ ආඩම්බරයට කරුණක්. එය බැංකුවක් ලෙස අපගේ විශිෂ්ටත්වය, ගනුදෙනුකරුවන්ට පිරිනමන බැංකුකරණ අත්දැකීම්, තාක්ෂණය වැඩිදියුණු කිරීමට දක්වන කැපවීම පිළිබඳ මනා සාක්ෂියක්ද වෙනවා. නවෝත්පාදනයේ ඉදිරි සීමාවන් අතික්‍රමනය කර, ගනුදෙනුකරුවන් වෙත අසමසම බැංකු විසඳුම් පිරිනැමීමට මෙම සම්මාන තවදුරටත් අපව දිරිමත් කරනවා.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ගනුදෙනුකාර සුව පහසුව, මූල්‍ය පහසුකම් පිරිනැමීම සඳහා නවතම ඩිජිටල් බැංකුකරණ විසඳුම් පිරිනැමීමට අප සතු කැපවීම මෙම සම්මාන තුළින් ඇගයීමට ලක්වුනා. එමෙන්ම අපගේ ඩිජිටල්කරණ මුලපිරීම් ගනුදෙනුකරුවන් මනාව වැළඳගෙන ඇති බවට මෙම සම්මාන මනා නිදසුනක්.’

ශ්‍රී ලංකාව පුරාම සිටින සෑම මට්ටමක ගනුදෙනුකාර ප්‍රජාව ඩිජිටල්කරණයෙන් බලගැන්වීම මහජන බැංකුවේ අරමුණයි. නවතම ඩිජිටල් බැංකුකරණ විසඳුම් ඉදිරිපත් කරමින් ඉහළම ගනුදෙනුකාර සේවා සැපයීම තුළින් විශිෂ්ටත්වයේ නව මංසලකුණු සනිටුහන් කිරීමට මහජන බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.