hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මාර්තු 30, පෙ.ව. 7:30



මහජන බැංකුවේ People’s Wave ජංගම බැංකුකරණ යෙදවුම, විශිෂ්ටතම ජංගම ඉලෙක්ට්‍රොනික ගෙවීම් මුලපිරීම. (Best Mobile Electronic Payment Initiative) ලෙස පසුගියදා කොළඹදී පැවති ආසියානු ඩිජිටල් මූල්‍ය සංසදය හා සම්මාන උළෙලේදී (Asian Digital Finance Forum and Awards) සම්මානයට පාත‍්‍ර විය.

Asian FinTech Academy (AFTA) විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්ම ශ‍්‍රී කුමාරතුංග, FinTech Association of Sri Lanka (FASL)හි සභාපති රාජ්කුමාර් කනගසිංහම් සහ ජපානයේ ත්‍සබඑැජය සංගමයේ උප සභාපති ටකේෂි කිටෝ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැුසක් එක්වූහ. මහජන බැංකුව නියෝජනය කරමින් එහි සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ ප‍්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම් යන මහත්වරුන් සහභාගි විය.

People’s Wave යෙදවුම සමග 2018 වසරේදී හªන්වාදීමේ සිට මේ වන තෙක් මිලියනයකට අධික ගනුදෙනුකරුවන් පිරිසක් ලියාපදිංචි වී සිටින අතර, ශ‍්‍රී ලංකාවේ වැඩිම පිරිසක් බාගත කරන ලද ජංගම දුරකතන යෙදවුමයි. බැංකුවේ මධ්‍යගත මෙහෙයුම් පද්ධතිය හා ඒකාබද්ධව නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛා වෙත නොගොස් ඕනෑම තැනක සිට පහසුවෙන් විවිධ බැංකු ගනුදෙනු 50කට අධික ප‍්‍රමාණයක් සිදු කළ හැකිය. බැංකු ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීම, ණය සහ ක්‍රෙඩිට් කාඞ්පත් බිල්පත් ගෙවීම, බිල්පත් ගෙවීම්, පසුගිය ගෙවීම් පිළිබඳ විස්තර, තමන්ගේ හෝ තෙවැනි පාර්ශවයක මහජන බැංකු හෝ වෙනත් බැංකු ගිණුමකට මුදල් යැවීම සහ ස්ථාවර නියෝග ලබාදීම ඇතුළු පහසුකම් රැුසක් මෙම`ගින් හිමිවේ. People’s Wave යෙදවුම සමග ලියාපදිංචි වී සිටින ගනුදෙනුකරුවන්ගෙන් 70%ක්ම බස්නාහිර පළාතෙන් පරිබාහිර අය වන අතර, සමාජයේ මූල්‍ය අන්තර්ගතභාවය ඇතිකිරීම ස`දහා මේ යෙදවුම සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරයි.

මහජන බැංකුව 2015 වසරේදී ඩිජිටල්කරණය සහ ගනුදෙනුකරුවන් සමීප කරමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ඩිජිටල් පරිවර්තන කි‍්‍රයාවලිය ආරම්භ කරන ලදී. එතැන් සිට මහජන බැංකුව විවිධාංගීකරණය වූ ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් බැංකු සේවා සපයන අතර, ඒ තුළින් ගනුදෙනුකරුවන්ට පහසු, වේගවත්, කාර්යක්ෂම සහ ආරක්ෂිත සේවයක් පිරිනමයි. ඩිජිටල් සමාජයක් කරා පිය නැගීමේ ජාතික වැඩසටහනට ප‍්‍රබල සහයෝගයක් ලබාදෙමින් මහජන බැංකුව මෙම ඩිජිටල් මූල්‍ය සේවා දිවයිනේ ග‍්‍රාමීය ජනතාව වෙත රැුගෙන ගොස් තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: