hit counter

2024 මාර්තු මස 05 වන අඟහරුවාදා

2023 මාර්තු 20, ප.ව. 3:30



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇත බවට තීරණය කර ඇති බවයි.

ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණා.

.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: