hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:51



අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් මුදල් ආපසු ලබා නොදීම නිසා අද එම බැංකුව අසල උණුසුම් තත්වයක් නිර්මාණය වුණා. 

සමෘද්ධි ලාභීන්ගේ ඉල්ලීම පරිධි අපි අකුරැසස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල ඇති සමෘද්ධි බැංකුව ඉදිරිපිටට පැමිණීමත් සමග බැංකුවට සම්බන්ධ නිළධාරීන්ට හිතවත් කිහිප දෙනෙකු ගෙන්වාගෙන එම මිනිසුන්ගේ ඇත්ත ස්වභාව ගැටලුව එළි කිරීමට වාර්තා  කර ගැනීම වැළැක්වීමට එහි නිළධාරීන් පිරිසක් කටයුතු කිරීමත් අප සමග උරණව ගැටීමක් ඇති කිරීමට බැංකු නිළධාරීන් කටයුතු කළත් යම් මට්ටමක පාළනයකින් යුතුව ආවරණ කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව සලසා ගත්තා.

බොහෝ පිරිසක් පවසන්නේ මෙම බැංකුවට යන වාර ගණන වැඩි වී ඇති බවත් ඔවුන් සමග උණුසුම් වාද විවාද කරගෙන පමණක් රු.5000ක් වැනි අවම මුදලක් ලබා ගැනීමට සිදුව ඇති බවයි. 

දුර ඈත පිරිස් විශේෂයෙන් අබල දුබල අය ත්‍රිරෝද රථවලින් පැමිණ විශාල මුදල් වියදම් කරගෙන පැමිණියත් මුදල් නොදී ආපසු හැරී යාමටත් සිදුව තිබෙන බවත් කියති. 

මා මේ කරුණ සනාථ කර ගැනීමට බැංකුවේ තැන්පතු මුදල් ඉල්ලු විට කැෂියර්වරිය හමු වී එළබෙන 10 වෙනිදා මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසත් තැන්පතු මුදල හැර පොළී මුදල් නිදහස් නොකරන බව සහකාර කළමණාකාරිනී කාන්‍ති පැවැසුවා. 

ඇය වැඩිදුරටත් පැවසුවේ “මහජන, ලංකා බැංකු වල කරන ඒවා මෙහේ බෑ. මෙහේ නීතියක් අනුව වැඩ කරන්නේ. මේක දුප්පත් බැංකුවක්. සල්ලි දෙන්නම නෑ. පොළීය දෙන්නේම නෑ.” යනුවෙනුයි.

කෙසේවෙතත් මෙහි කළමණාකරු ඉතාම නම්‍යශීලී ගනුදෙනුකරුවන්ගේ ගැටලු විශදීමට යම් වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබුණා.

එහෙත් ඔහු පැවසුවේ බැංකුවේ ආරක්ෂාවක් නොමැති නිසා විශාල මුදලක් සංසරණයට යොදා නොගන්නා බවයි.

සමෘද්ධි බැංකු නිළධාරීනියක් මා සමග ඇයට වූ අසාධාරණයක් සම්බන්ධයෙන් කළ හැකි උපකාරයක් ඇත්දැයි විමසද්දී ඒ අසලට පැමිණි තවත් නිළධාරිණියක් ඇයත් සමග වචන හුවමාරුවක් සිදුකර ගනිද්දී විශාල පිරිසක් බලා සිටියදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: