hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 25, පෙ.ව. 1:50



පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.

නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බව එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් මහතා පවසනවා.

පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළා.

අදාළ පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් හෝ 1928 ක්ෂණික දුරකතන අංක අමතා ලබාගත හැකියි.