hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 22, ප.ව. 3:34



අලුතෙන් එන බද්ද සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැහැදිලි කිරීමක් කරයි.

එළඹෙන 2025 වසරේ පළමු කාර්තුවෙන් පසුව දේපොළ බද්ද ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් මෙම බද්ද හරහා සියයට 90ක් වූ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

” මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙමෙයි. 2025 පළමු කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම ධනවත් පිරිස මුළු සමාජයෙන් 10%ක් විතර. මෙම බද්දට මුහුණදෙන්න වෙන්නේ ඒ පිරිසට. 90%කට ජනතාවට තියෙන්නේ අය වෙන බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ.

ඔවුන්ට වක්‍ර බදු ලෙස ගෙවන්න තිබුණ බදු ප්‍රමාණය අනාගතයේ දී අපිට අඩු කරන්න පුළුවන්. අනිත් 10% ගත්තත් ඔවුන්ට තියෙන පළමු වත්කමින් අය කිරීම වෙන්නේ නෑ. අනිත් වත්කම්වලින් සුළු ප්‍රතිශතයක් තමා රාජ්‍ය ආදායමට දායක වෙන්නේ. ඔවුන්ට දරාගන්න බැරි යෝජනාවක් අපි ගෙන එන්නේ නෑ.

සියයට 90%ක ජනතාවට ප්‍රතිලාභ විතරයි. ගෙවීමට සිදුවන අයට මේකෙන් දීර්ඝ කාලීනව යහපතක් සිදු වෙනවා. මේක වක්‍ර බද්දක් නෙමෙයි. මේක කාටවත් මාරු කරන්න බෑ. ගෙවන කෙනා දරාගත යුතුයි. ඒ නිසා මේක අවසානය එන්නේ පුංචි මිනිහාට කියනවා නම් ඒක වැරදියි.”