hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, පෙ.ව. 12:03



වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග පැවති සාකච්චාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගන්නා බවයි.

එහිදී අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පැවසූවේ ඉදිරි වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

මේ වනවිට රජයේ අවධානය යොමුව ඇත්තේ අදියර 4ක් යටතේ නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව ප්‍රථමයෙන් පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා වාහන, දෙවනුව යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ගෙන්වීමටත් තුන්වන අදියරේදී සාමාන්‍ය මෝටර් රථත් අවසන් අදියර යටතේ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙනුත් අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: