hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 23, ප.ව. 1:23



SDB බැංකුව ආරම්භයේ පටන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී මෙහෙයක් සිදු කරන බැංකුවකි. මේ සඳහා SDB බැංකුව විසින් අනුගමනය කරන ප්‍රධාන ප්‍රවේශයන් ද්විත්වය ලෙස සිය ආයතනයේ සේවයයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම සහ විවිධ ක්‍රමවේද හරහා බාහිර සමාජය තුළ කාන්තාවන්ට සහයෝගය දැක්වීම පෙන්වා දිය හැකිය. බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයන් ඇතුළු 48%ක් කාන්තාවන්ගෙන් සමන්විත වීම තුළින් කාන්තාවන්ට සමතැන් ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා SDB බැංකුව තුළ වන අවශ්‍යයතාවය සහ කැපවීම මනාව නිරූපණය වේ.

SDB බැංකුව විසින් සිය ආයතනය තුළ සේවයේ නිරත විශිෂ්ට කාන්තාවන් හඳුනා ගනිමින් සහ ඔවුන් ඇගයීමට ලක් කරමින් පසුගිය මාර්තුවේදී අද්විතීය ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එය රට පුරා විසිරී සිටින කාන්තාවන් සවිබල ගැන්වීමේ දැවැත්ත සංවිධානාත්මක ක්‍රියාවලියක් විය. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා විවිධ වෘත්තීය ශ්‍රේණිවල සහ ව්‍යවසායක ක්‍ෂේත්‍රයේ කටයුතු කරන කාන්තාවන් විසින් සිය වෘත්තීය ජීවිතය සහ සමාජයීය ජීවිතය තුළ සිදු කරන අපරිමිත කැපවීම් මෙන්ම අභියෝගවලට මුහුණදීමට ඔවුන් තුළ වන හැකියාව ද ප්‍රදර්ශනය කරන ලදි.

කාන්තාව සතු හැකියාවන් සහ ගැටලුවලට මුහුණදීමේ ශක්‍යතාවය පිළිබඳව පොදු සමාජය දැනුම්වත් කිරීමේ අරමුණ මෙම ව්‍යාපෘතිය හරහා සාර්ථකව සිදු වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු ඉහළ ප්‍රතිචාර ඊට සාක්ෂි විය. එසේම කාන්තාවන්ගේ ශක්තිය සහ ධෛර්ය පිළිබඳව පෙර නොවූ විරූ ආකාරයේ අත්දැකීම් සහ අදහස් පුළුල් ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ බෙදා ගැනීමට ද මෙය කදිම අවස්ථාක් විය.

රට පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයන්ට විවිධාකාර සහයෝගයන් ලබා දෙමින් SDB බැංකුව දීර්ඝ කාලයක් පුරා සිදු කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ උදාර මෙහෙවරට නව අරුතක් එක් කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙයි. දහස් ගණනක් ව්‍යවසායකයන් හඳුනා ගැනීම, ඔවුන් දැනුම්වත් කිරීම, උපදේශන සිදු කිරීම සහ මූල්‍ය ආධාර ලබා දීම ආදී පියවර මගින් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අගනා මෙහෙයක් සිදු කරන SDB බැංකුව කාන්තා ව්‍යවසායකයන් කෙරෙහි විශේෂ අවධායක් යොමු කරයි. විශේෂයෙන්ම රට තුළ කාන්තා ව්‍යවසායකත්වය ගොඩනැංවීමේ ප්‍රමුඛ බලවේගයක් වෙමින් කාන්තා ව්‍යවසායකයින්ට ඉහළ උත්තේජනයක් ලබා දීමට ද SDB බැංකුව සමත් වී ඇත. එසේම මෙම ක්‍රියාවලියට ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ලැබී ඇති අතර එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් කාන්තා ව්‍යවසායකින් සවිබල ගැන්වීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40ක මූල්‍ය ප්‍රතිපාදන ද SDB බැංකුවට ප්‍රදානය කිරීම ඊට උදාහරණ සපයන එක් අවස්ථාවකි.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩ කැපවීමකින් කටයුතු කරන SDB බැංකුව ආර්ථික සංවර්ධනයට මෙන්ම සමාජ ප්‍රගතියට ද දැවැන්ත මෙහෙයක් සිදු කරමින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සමාන අවස්ථා හිමි වන වඩාත් සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා නිරන්තරයෙන් උත්සහ ගනියි.