hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 01, ප.ව. 2:57



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන් අයකරගත් සියයට පහක රැඳවුම් බද්ද ඉතාම කෙටි කලකින් නැවතත් ඒ තැන්පතුකරුවන්ට නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

පවතින නීතිය අනුව එම රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ  පුරවැසියන්ට මෙතෙක් නිකුත් කෙරුණේ වසරකට පසුව බවද ඔහු සඳහන් කළා.

මෙම සියයට පහේ රැඳවුම් බද්ද අය කෙරුණේ සාමාන්‍ය බදු නීති අනුව බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම රැඳවුම් බද්ද කෙටි කාලීනව නිදහස් කිරීමට ක්ෂණික වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද ප්‍රකාශ කළා.

නොගැලපෙන රඳවා ගැනීම් සියල්ල වර්ෂයකට පෙර නිදහස් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර සේවකයන්ගේ උපයනවිට බද්ද අදාල ආයතන මගින්  ගෙවීම  අසාධාරණ බව පැවසූ සියඹලාපිටිය මහතා මින්පසු ඒ බද්ද අදාල සේවකයන් මිස ආයතනවලට ගෙවීමට  ඉඩ නොදෙන බවද  ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: