2023 අගෝස්‍තු 31, පෙ.ව. 1:04
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගම, ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
නිෂ්පාදන ක්‍රියාවලියේ හටගත් දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.
මේ හේතුවෙන් ලොව වැඩියෙන්ම අලෙවිවන මෝටර් රථ නිෂ්පාදනය ජපානය තුළ නැවතී තිබෙන අතර මෙම දෝෂය හේතුවෙන් මෝටර් රථ උපාංග සඳහා ඇණවුම් යොමු කිරීම අපහසුවී ඇති බව සඳහන්.
එම සමාගමේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ දෝෂය හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් එය සයිබර් ප්‍රහාරයක් බව නොසිතන බවත්ය.
අඟහරුවාදා උදෑසන පළමුවෙන් කර්මාන්ත ශාලා 12ක නිෂ්පාදන කටයුතු නවතා දැමුණු අතර පසුව ඉතිරි කර්මාන්ත ශාලා දෙකෙහි කටයුතුද නවතා දමා තිබෙනවා.
මෙම කර්මාන්ත ශාලා 14 මගින් ටොයෝටා සමාගම නිපදවන මෝටර් රථ වලින් 3න් 1ක් නිපදවනු ලබනවා.
මෑත කාලයේදී ජපානය තුළ පිහිටි ටොයෝටා කර්මාන්ත ශාලා සඳහා විවිධ බාධක මතුවූ අතර පසුගිය වසරේදී සැපයුම්කරුවෙක්ට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම නිසා නිෂ්පාදන කටයුතු සඳහා බාධාද එල්ලවුණා.
එක් දිනකට බලපෑ බාධාව හේතුවෙන් මෝටර් රථ 13,000ක පමණ නිෂ්පාදනය ඇණහිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26