hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19



පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා විසින් සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් බටහිර වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.

ඊට පිළිතුරු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“බටහිර වෛද්‍යවරුන්ගේ internship එක අවසන් කරලා රාජ්‍ය සේවයට පත් වීම ලබපු වෛද්‍යවරයෙකුට 2024.12.31 වෙනකොට තිබුණු මූලික වැටුප රුපියල් 52,955යි. 2027.01.01 වෙනකොට ඒ අයට මූලික වැටුප රුපියල් 91,750ක් ලැබෙනවා. ඊට අමතරව දීමනා විදිහට ජීවන වියදම් විදිහට 17,800යි, විශ්‍රාම වැටුප් දීමනාව රු. 1700යි, විශ්‍රාම වැටුප් නොවන දීමනාව රු. 2125යි, DAT දීමනාව රු. 70,000යි, දුරකථන දීමනාව රු. 3000ක් හැටියට දීමනා හම්බෙනවා. ඊළඟට Grade 11 වෛද්‍ය නිලධාරියෙකුට 2024.12.31 වෙනකොට තිබුණු මූලික වැටුප රුපියල් 58,305යි. 2027.01.01 වෙනකොට ඒ අයට මූලික වැටුප රුපියල් 100,370 (එක් ලක්ෂ තුන්සිය හැත්තෑවක්) ලැබෙනවා. ඊට අමතරව දීමනා විදිහට ජීවන වියදම් විදිහට 17,800යි, විශ්‍රාම වැටුප් දීමනාව රු. 1700යි, විශ්‍රාම වැටුප් නොවන දීමනාව රු. 1700යි, DAT දීමනාව රු. 70,000යි, දුරකථන දීමනාව රු. 3000ක් හැටියට දීමනා ලැබෙනවා. Grade 1 වෛද්‍ය නිලධාරියෙකුට 2024.12.31 වෙනකොට තිබුණු මූලික වැටුප රුපියල් 71,805යි. ඒක අපි වැඩි කරලා 2027.01.01 වෙනකොට ඒ අයට මූලික වැටුප රුපියල් 125,670 (එක් ලක්ෂ විසි පන්දාස් හයසිය හැත්තෑව) දක්වා ගේනවා.

ඊට අමතරව දීමනා විදිහට ජීවන වියදම් විදිහට 17,800යි, විශ්‍රාම වැටුප් දීමනාව රු. 3400යි, විශ්‍රාම වැටුප් නොවන දීමනාව රු. 400යි, DAT දීමනාව රු. 70,000යි, දුරකථන දීමනාව රු. 3000ක් හැටියට දීමනා ලැබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුට 2024.12.31 වෙනකොට තිබුණු මූලික වැටුප රුපියල් 88,000යි. ඒක අපි වැඩි කරලා 2027.01.01 න් පස්සේ ඒ අයට මූලික වැටුප රුපියල් 156,000 (එක් ලක්ෂ පනස් හය දාහක්) ලැබෙනවා. ඊට අමතරව දීමනා විදිහට ජීවන වියදම් විදිහට 17,800යි, විශ්‍රාම වැටුප් දීමනාව රු. 3400යි, විශ්‍රාම වැටුප් නොවන දීමනාව රු. 400යි, DAT දීමනාව රු. 70,000යි, දුරකථන දීමනාව රු. 6000ක් හැටියට දීමනා ලැබෙනවා. ඊට අමතරව අමතර රාජකාරී දීමනා හැටියට මෙන්න මේවා වැඩි කළා 2024.12.31 ට ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට තිබුණු රුපියල් 687 අමතර රාජකාරී දීමනාව රුපියල් 795 දක්වා වැඩි කරා පැයකට. Grade 11 වෛද්‍ය නිලධාරියෙකුට තිබුණු රුපියල් 796 දීමනාව පැයක රුපියල් 967 දක්වා වැඩි කළා. Grade 11 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට දුන්න රු 1101 පැයකට 1291 දක්වා වැඩි කළා. විශේෂඥ වෛද්‍යවරයෙකුට තියෙන රු 1302 දීමනාව අපි පැයකට රු 1542 දක්වා වැඩි කරලා තියෙනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: