hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 31, ප.ව. 12:24



වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.

කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළයෑමේ ප්‍රවණතාවයක් ද ඇති බව ඔහු පෙන්වා දෙන්නේ.

තම සංගමය රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී මුලින් බස්, ලොරි වැනි වාහන ආනයනය කර එය ආර්ථිකයට බලපාන ආකාරය බලා පසුව ත්‍රීවිල්, යතුරුපැදි සඳහා ආනයනය තහනම ලිහිල් කර ඉන් පසුව කාර්, වැන්වලට අවස්ථාවල ලබා දෙන බව අමාත්‍යවරයා පැවසූ බව ඔහු පවසනවා.

වාහන ආනයනයට අවසර ලබා දීම එක් ආකාරයක කැරට් අලයක් යැයි සැකයක් මතුව තිබෙන බවත්, මෙයින් සූදානම් වන්නේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය වාහන ගෙන්වා ගැනීමට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: