hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 05, ප.ව. 1:40



විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට සහ විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වුණා.

කෙසේ වෙතත් එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනාවාරි මාසයේ 08 වනදා පැවති කැබින් රැස්වීමේදී තීරණය කෙරිණි.

මේ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: