hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 8:42



ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඊයේ රාත්‍රියේ ගාසා තීරය වෙත දැනැව්ත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කළේ යයි වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය තවත් සීමිත ප්‍රහාරයක් ද නැතහොත් ගාසා ගොඩබිම් ආක්‍රමණයේ ආරම්භය ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා කියා සිටියේ ගාසා වෙත එල්ල කෙරෙන ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරන බවයි.

මේ අතර තම සටන්කාමීන් ඊශ්‍රායල යුධ ටැංකි සමග සටන් වදිමින් සිටින බව හමාස් සංවිධානය ද සඳහන් කළා.

මෙම ප්‍රහාරයට ප්‍රථමයෙන් ඊශ්‍රායලය විසින් ගාසා තීරය දෙසට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළා. ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව එල්ල කෙරුණ දරුණුම ගුවන් ප්‍රහාරය එය බවයි වාර්තා වුණේ. තවද ගාසා තීරයේ ඉන්ටර්නෙට් සහ ජංගම දුරකථන සේවා ද බිඳවැටී තිබුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.